ඉරානය සමඟ සටන්විරාමය ඉවරයි, හැබැයි අවශ්‍යනම් සාකච්ඡා කරන්න පුළුවන් - ට්‍රම්ප් 

ඉරානය සමඟ සටන්විරාමය ඉවරයි, හැබැයි අවශ්‍යනම් සාකච්ඡා කරන්න පුළුවන් - ට්‍රම්ප් 

July 8, 2026   02:40 pm

අම‍ෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරානය සමඟ ඇති කරගත් තාවකාලික ගිවිසුම දැන් අවසන් වී ඇති බවයි. 

කෙසේ වෙතත්, දිගටම සාකච්ඡා කිරීමට ඔහු අවසර දී ඇති බව සඳහන් වෙයි.

තුර්කියේ අන්කාරා නුවර පැවැත්වෙන නේටෝ (NATO) සමුළුව අතරතුර  අද (08) ඔහු මේ බව පවසා ඇත.

අම‍ෙරිකානු නියෝජිතයන්ට ඉරානය සමඟ දිගටම සාකච්ඡා කළ හැකි වුවත්, ඉන් සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙයිද යන්න ගැන තමන්ට සැකයක් ඇති බව ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත.

"ඔවුන්ට කතා කරන්න පුළුවන්, හැබැයි මම හිතන්නේ ඔවුන් ඒ නාස්ති කරන්නේ තමන්ගේ කාලය," ලෙස ඔහු සඳහන් කර ඇත.